Home සිංහල මාධ්‍ය නිවේදන බොදු බල සේනා මාධ්‍ය නිවේදනය 2019-04-21

බොදු බල සේනා මාධ්‍ය නිවේදනය 2019-04-21

1615
0

අද (21) දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරය බොදු බල සේනා සංවිධානය ලෙස අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. ඉදිරියේදී මෙවැනි දේ නොවීමට වග බලා ගැනීමට අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර සිටිමු.

කුරුරු ත්‍රස්තවාදයෙන් දශක ගණනාවක් බැට කෑ ජාතියක් ලෙස, අතීත සිද්ධීන්ගෙන් පාඩම් ඉගන නොගත් නුගත්ම පාලකයන් සිටින රටක් බව මේ සිද්ධියෙන් යලි යලිත් ඔප්පු වී තිබෙනවා.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන තිත්පොලක් වගේම ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානවල ප්‍රධාන තිප්පොළක් බවට ලංකාව පත්ව තිබෙනවා. මේ පිළිබඳව අප සංවිධානයක් වශයෙන් දිගින් දිගටම හෙළිදරව් කර සිටියා. නැගෙනහිර පළාත, කොළඹ, මාලිගාවත්ත, පරගහදෙනිය, හලාවත, මාදම්පේ, තිහාරිය, මාවනැල්ල ආදී ප්‍රදේශ උදාහරණ ලෙස නම් කල හැකියි.

දීර්ඝ කාලයක් තිස්සේ අප පෙන්වා දුන් අනතුර දේශපාලන බලාධිකාරිය උද්දච්ච ලෙස පැත්තකට විසිකර දමා බොදු බල සේනා සංවිධානයට ජාතිවාදී අන්තවාදී සංවිධානයක් ලෙස ලේබල් අලවමින්, අපට පහර දෙන්නට කටයුතු කරණ ලදි. 

ඉතා කැපවීමෙන් සහ දෛරයෙන් කටයුතු කරන විශිෂ්ඨ බුද්ධි බලකායක් අප රටේ ආරක්ෂක අංශ සතුව පැවතුනා. අවස්ථාවාදී දේශපාලන බලවේගවල සහ රාජ්‍ය නොවන සංවිධානවල  උවමනාවට බුද්ධි අංශ අකර්මන්‍ය කර දක්ෂ නිලධාරීන් රැසක් නඩු නිමිත්තක්වත් නොමැතිව ආධාරණ ලෙස දිගින් දිගටම සිරගත කිරීමට පසුගිය කාලය පුරාම කටයුතු කෙරුණා.

ජාතික ආරක්ෂාවට ඉතාමත්ම වැදගත් බුද්ධි අංශ දුර්වල නොකරන ලෙසට ඥානසාර හාමුදුරුවෝ දිගින් දිගටම ඉල්ලීම් කර සිටි අතර, බුද්ධි අංශ රණවිරුවන් රැකගැනීම සඳහා කොන්දේසි විරහිතව පෙනී සිටීම හේතුවෙන්ම අවසානයේදී උන්වහන්සේ සිරගත කිරීමට කටයුතු පෙළගැසුනි.

සිදුවූ අවාසනාවන්ත සිදුවීම් යලි ඇති නොවීමට අපේ රටේ ජාතික ආරක්ෂාව බලාත්මක කිරීම, මෙරටේ ක්‍රියාත්මක වන කල්ලි කණ්ඩායම් පිළිබඳව විධිමත් පරීක්ෂණ පැවැත්වීම, විශේෂයෙන්ම මෙරටට පැමිණෙන විදේශිකයන් පිළිබඳව සහ ඔවුන් මෙරටට පැමිණ සිදුකරණ කටයුතු පිළිබඳව සොයා බැලීම අත්‍යවශ්‍ය කාරණයක් බව බලධාරීන්ගේ අවධානයට යොමු කර සිටිමු.