Home සිංහල මාධ්‍ය නිවේදන උලෙමා (ACJU) ලොක්කා රිස්වි මුෆ්ති විසින් බොදු බල සේනා ගැන බොරු ප්‍රකාශ...

උලෙමා (ACJU) ලොක්කා රිස්වි මුෆ්ති විසින් බොදු බල සේනා ගැන බොරු ප්‍රකාශ කොට පාර්ලිමේන්තු කමිටුව නොමග යවනවා..

2040
0

Ulema (ACJU) Leader mislead Parliment, Media, General Public and International Community  with  a false accusation saying that Islamic Youth moved to ISIS Ideology because  of Hate speech of BBS. BBS categorically  deny his allegations and  invite  Ulema  Leader to a public debate.

උලෙමා (ACJU) ලොක්කා රිස්වි මුෆ්ති විසින් බොදු බල සේනා ගැන බොරු ප්‍රකාශ කොට  පාර්ලිමේන්තු කමිටුව නොමග යවනවා…

බොදු බල සේනා නිවේදනය …2019 ජුනි 12

ඊයේ 2019 ජුනි මස 11 දින පාර්ලිමේන්තු කමිටුවේදී සාක්ෂි දුන් උලෙමා (ACJU) නායක වන රිස්වි   මුෆ්ති විසින් බොදු බල සේනා ගැන බොරු ප්‍රකාශ කොට  පාර්ලිමේන්තු කමිටුව නොමග යැවිමට කටයුතු කරන බව බොදු බල සේනා ප්‍රකාශ  කර සිටින අතර උලෙමා නායකයාගේ මේ අල් -ටකියා පන්නයේ රැවටීම් පිලිබදව කනගාටුව ප්‍රකාශ  කර සිටී. 

ඔහුගේ ඉහත අල්-ටකියා  ප්‍රකාශය මගින්  ඔහු මෙම කමිටුව , පාර්ලිමේන්තුව , මෙරට මහජනතාව මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද නොමග යැවීමට උත්සහ ගනු ලබන බව ඉතා පැහැදිලිය. 

අපේ මුස්ලිම් තරුණයන් ISIS අන්තවාදයට යොමු වූයේ බොදු බල සේනාවේ වෛරී ප්‍රකාශ  නිසා බව ප්‍රකාශ කරමින් උලෙමා වරු පනපිටින් දිව්‍ය ලෝකයට යාමට තරම් ශුද්ධවන්තයන් ලෙස ලොවට  පෙන්නීමට අල්-ටකියා න්‍යාය යොදා ගැනීමට ගනු ලබන පිලිකුල් උත්සහය ගැන අපගේ අනුකම්පාව හා කරුණාව  ලංකාවේ   වහාබ්වාදය පැතිරවීමට මූලිකව කටයුතු කල උලෙමාලා වෙතට යොමු කරන අතර   මේ උත්සහයන්  අප  දකින්නේ   නිරුවතින් දිය නාගත් පසු  නිරුවත  වසා ගැනීමට තුවායක්  හෝ  නොමැතිව විලි වසා ගැනීමට එහා මෙහා දුවන ප්‍රයත්නයක් ලෙසය.

බොදු බල සේනා ආරම්භ කලේ 2012 මැයි මසය.

මෙදිනම  සාක්ෂි  දුන් කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ පූජක   උවයිස් මහතා      විසින් පාර්ලිමේන්තුවේ කමිටුවේදී සහරාන් මේ මත වල සිටියේ 2012 ට පෙර සිට බව පැහැදිලිව ප්‍රකාශ  කර තිබේ..

එමගින්ම උලෙමා ලොක්කාගේ අල්ටකියාව හෝ රැව්ටීම පැහැදිලිව හෙලිදරව්වේ..

මේ සමග අමුනා සලකුණු කර  ඇති අද දින පුවත් පත් තොරතුරු වලින් මෙම උලෙමා  අල්ටකියාව ඉතා පැහැදිලිය.  

කෙසේ වුවත් උලෙමා නායකයා කරන අල්-ටකියා  න්‍යායේ බොරු ඔප්පු.කිරීමට අප සතුව සාධක රාශියක් ඇති අතර එවා ඉදිරියේදී  හෙලිදරව් කරනු ඇත.

මේ පිලිබඳව ප්‍රසිද්ධ  විවාදයකට උලෙමා නායකයාට බොදු බල සේනා අභියෝග කරන බව දන්වා සිටිමු.

තවදුරටත් මෙවැනි බොරු ප්‍රකාශ කරමින් බොදු බල සේනාවට අපහාස කරමින් මේ රටේ සාමයට හානි කරන වෛරී ප්‍රකාශ  නතර නොකලොත්  උලෙමාලාගේ අල්-ටකියා නිරුවත හෙලි කිරීමට බොදු බල.සේනා කටයුතු කරන බව සාමයේ නාමයෙන් දැනුම් දෙමු.