Bodu Bala Sena http://www.bodubalasena.org දැයේ සසුනේ ආරක්ෂාව උදෙසා සිව්වනක් පිරිසේ අධිෂ්ඨානශීලි පෙළගැස්ම Thu, 08 Mar 2018 18:32:39 +0000 en-US hourly 1 https://wordpress.org/?v=4.9.7 http://www.bodubalasena.org/wp-content/uploads/2015/09/cropped-logo-32x32.png Bodu Bala Sena http://www.bodubalasena.org 32 32 Bodu Bala Sena Special Media Conference – 8 March 2018 http://www.bodubalasena.org/?p=1681 http://www.bodubalasena.org/?p=1681#respond Thu, 08 Mar 2018 18:32:39 +0000 http://www.bodubalasena.org/?p=1681

]]>
http://www.bodubalasena.org/?feed=rss2&p=1681 0
රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් නිකුත් කළ විශේෂ ප්‍රකාශය 2018-03-07 http://www.bodubalasena.org/?p=1678 http://www.bodubalasena.org/?p=1678#respond Thu, 08 Mar 2018 18:28:27 +0000 http://www.bodubalasena.org/?p=1678

]]>
http://www.bodubalasena.org/?feed=rss2&p=1678 0
Bodu Bala Sena Media Conference 2018-03-06 http://www.bodubalasena.org/?p=1675 http://www.bodubalasena.org/?p=1675#respond Thu, 08 Mar 2018 18:19:08 +0000 http://www.bodubalasena.org/?p=1675 2018-03-06 පැවති මාධ්‍ය හමුවේදී බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි දැක්වූ අදහස්…

මේ මාධ්‍ය හමුව තියන්නෙ.රටේ නොයෙකුත් තැන්වල දුම් ගොටු නැගෙන අවස්ථාවක.විශේෂයෙන් අපි මතක් කරන්න ඕනි,ඊයෙත් පෙරේදත් මේ දින ගනණාව ඇතුලෙ ඉතාම භයානක තත්වයක් මේ රට තුල නිර්මාණය වෙලා තියෙනව.දැන් මේ මොහොත වෙද්දිත් මහනුවර තෙල්දෙණිය ආදී තදාසන්න ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය පනවල තියෙනව.ඒ වගේම රටේ විවිධ ස්ථානවල සිංහලයො එක තැනක රැස්වෙනව.මුස්ලිම් කණඩායම් තව තැනක රැස් වෙනව,මොකද්දෝ නොවිය යුතු තැනකට නොයෙක් බලවේග එකතුවෙමින් තියෙනව.

අපි අද ගතකරන්නේ.ඉතාම සංකීර්ණ වගේම කණගාටු දායක ලෙස සිදුවීම් සිදුවන අවස්ථාවක් තමයි ගතවෙමින් තියෙන්නෙ…දවසින් දවස රට ඇතුලෙ විවිධ සංසිද්ධීන් මුල්කරගෙන ප්‍රජන්ඩ කාරී හැසිරීම් බොහෝමයක් දැකගන්න ලැබෙනව.

ඊයෙ දවසෙදි මහනුවර දිස්ත්‍රික් එකේ ඇතු උන සිද්ධීන් අපි කිසි ලෙසකවත් අනුමත කරන්නෙ නෑ.මේ සිදුවීම් වලින් වේදනාවට පීඩාවට පත්වෙච්ච ඒ වගේම බයෙන් තැතිගත්තු සිංහල මුස්ලිම් කියල බේදයක් නැතුව මේ සියලු මිනිස්සුන්ට අපි කණගාටුව ප්‍රකාශ කරන්න ඕනි, මොකද හේතුව ආවේග ශිලීව හා ප්‍රචන්ඩත්වයෙන් කලහකාරි බවෙන් ප්‍රශ්නවලට උත්තරයක් හොයන්න බැරි නිසා.

හරියටම ගිය මාසෙ 22 කුමාර සිංහ නැමැති තරුණයෙකු තමන් පදවාගෙන යන ලොරි රථය තුලදි ඉතා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙනව.කුමාර සිංහ නැමැති තරුණයෙකු වයස අවුරුදු 42 යි .ඔහු රියැදුරෙකු විදියට සේවය කරනව.ඔහුගෙ අම්ම අන්සභාග රෝගියෙක්,තාත්ත දියවැඩියාව නිසා කකුලක් ඇයින් කරල,කුමාර සිංහට දරුවො දෙන්නෙක් ඉන්නව,ඔහුගේ බාල දරුව මන්දමානසික දරුවෙක්.

එහෙම තියෙද්දිත් මේ කුමාරසිංහට හැකි වෙනව ඒ පලාතේ ජනතාවගේ ආදරණීය චරිතයක් වෙන්න.ඔහු පන්සල එක්ක සමීපයි,මුස්ලිම් මිනිස්සුන්ටත් උදවු කරනව,සිංහල මිනිස්සුන්ටත් උදවු කරනව රියදුරු වෘත්තීය කරගෙන ජීවිතේ ගැටගහගෙන ගිය මනුස්සයෙක්…ඔහු ලොරිය පාරෙ එලවගෙන එනව පසුපසින් ආපු ත්‍රීවීලර් රථයක් දිගින් දිගටම හෝන් ගහනව වාහනේ ඉදියට ගන්න….අපි දන්නව සාමාන්‍යෙන් ලොරි රථයක් එහෙම ඉස්සර කරන්න අමාරුයි.ඒ වගේම ලොරි රථ රියැදුරෙන් ඉඩ දෙන්නෙ ඔහු ආරක්ෂිත නම්.පමනයි…අවාසනාවකට මේ ත්‍රී රෝද රතය ඉඩ නොදුන් නිසා ත්‍රීවීලර් රථයෙ සිටි පිරිස ලොරි රථය හබාගෙන යනව.ලොරිය නතර කරන්නෙ සිංහ පිරවුම් හලේ.ලොරිය නතරකරපු ගමන් පසු පස ත්‍රීවිලර් එකේ ආපු තරුණයො හතර දෙනාම ඒ පිරවුම් හලේ මුරකරුගෙ පුටුව අරගෙන ඇයි ඉස්සර කරන්න ඉඩ නොදුන්නෙ කියල පුටුව කැඩෙනකම් ලොරියෙ රියැදුරාගෙ ඔලුවට පහර දෙනව.බෝතල් වලින් ගහනව.පැය එකහමාරකට වඩා වෙලාවක් කුමාරසිංහ ලොරිය ලඟ වැටිල ඉන්නව.සිහිය තිබ්බට කවුරුත් ඉදිරිපත් උනේ නෑ බයට.ඒ තරම්ම පැමිණි හතර දෙනා හෝ හය දෙනා ප්‍රචන්ඩකාරීම හැසිරුනා.දවස් නවයක් රෝහල් ගතවෙලා ඉඳල අවාසනාවන්ත ලෙස ඔහු මිය යනව.

මේ සිද්ධීන් ඕනැම ජන කණ්ඩායමක් තුල සිද්ධ වෙන්න පුලුවන් …..මිනිස්සු ගහගන්නව,මරාගන්නව,බැනගන්නව ..බුදු හාමුදුරුවෝ පවා මේ ගැන පවසල තියෙනව.”කුද්දෝ අත්තං නජානාති,කුද්දෝ ධම්මං න පස්සතී….- මිනිස්සු කිපුනට පස්සෙ ඒ තරහව පාලනය කරගන්න බැරි උනොත් අරථයක් ධර්මයක් මුකුත් දකින්නෙ නෑ.මිනිස්සු මිනිස්සුන්ව මරන්නෙ.එකට බොන ගමන් මරන්නෙ.දැන් මෙතන සිද්ධිය වෙනස් ප්‍රශ්නයක් .මුස්ලිම් තරුණයන් පිරිසක් විසින් සිංහලයන්ට පහර දීල.එහෙම දෙයක් උනහම ඒකෙ හැඩේ විතරයි බලන්නෙ.මේ අවිද්‍යාත්මක දේශපාලනය ඇතුලෙ පුරුදු කරල තියෙන්නෙ එහෙමයි.මුස්ලිම් එකත් මනුස්සයෙක් සිංහල එකත් මනුස්සයෙක් හැටියට නෙමෙයි බලන්නෙ.මූ මුස්ලිම් මූ සිංහල මේක කොහොමද වවාගෙන කන්නෙ ,මේකෙ කොහොමද දේශපාලන වාසියක් ගන්නෙ එතනට වැටිල…..අපි පලමුවෙන්ම චෝදනා කරනව මේ ඊයෙ ඇති වෙච්ච අද ඇතිවන සිද්ධි වලට සම්පුර්ණයෙන්ම මේ රටේ අගමැතිවරය සහ පොලීසිය වගකිව යුතුයි ….හේතුව පොලීසිය මේ වෙද්දි මරණයට පත්වෙච්ච කුමාරසිංහ මහත්තයට පහරදීපු මුස්ලිම් තරුණයො අත්තඩංගුවට අරගෙන ඉන්නෙ.හැබැයි,අපි දන්නව අන්තර්ජාලායෙ හැමතැනම මේ මාධ්‍ය වලට බනිනව.මාධ්‍යවලට බැනල වැඩක් නෑ,එක්කො පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනි මේක පලකරන්න කියල.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශයක් කෙරුවානම්,තෙල්දෙණිය සිධියෙදි මෙහෙ සිද්ධියක් වෙලා තියෙනව .පුද්ගලයෙකුට පහරදීල තියෙනව,රෝහල් ගතකලා,දිනගනනක් ඇවෑමෙන් ඔහු මරණයට පත් උනා,ඒ පහර දීපු කණඩායම පොලිස් අත්තඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරා කියන පණිවිඩය රටට දුන්නානම් මේ තරුන කොටස් අතර ආවේග මතුවෙන්නෙ නෑ.

ඒ ප්‍රදේශවලම උනත් ඉන්න මිනිස්සු කතාකලේ,මමත් ඒ මලගෙදර ගියා.රාත්‍රියේ.ඒ පන්සලේ හාමුදුරුවෝ අපට කීව ඤාණසාර හාමුදුරුවනේ මේ ප්‍රශ්නෙ අපි හොඳින් විසඳගෙන තියෙන්නෙ,පොලීසිය නීතිය ක්‍රියාත්මක කරල තියෙනව,ගහපු අය අත්තඩංගුවට අරගෙන තියෙනව,දැන් අපේ වගකීම වෙලා තියෙන්නෙ කාටවත් ගහල බැනල ගෙවල් ගිණිතියල කරන එක නෙමෙයි.ඒක මෝඩකමක්,පන්සලේ හාමුදුරුවෝ හැටියට මම මහන්සි වෙන්නෙ,අම්ම අංශබාග රෝගියෙක්,තාත්තගෙ කකුල කපල එයා දියවැඩියාව රෝගියෙක්,මන්දමානසික ලමයෙක් ඉන්නව අට වසරෙ ඉගෙන ගන්න දුවෙක් ඉන්නව.මේ පිරිමියා නැති බවෙන් වැන්ඳබු වෙච්ච කාන්තව ඇතුලු පිරිස ආරක්ෂා කරගන්නෙ කොහොමද
ඒ අය අනාගතයට මුහුණ දෙන්නෙ කොහොමද ? මේ මිනිස්සු කෑ ගහල දවස් දෙක තුනකින් යාවි යන්න …ඕක තමයි හාමුදුරුවන්ගෙ මතය…..

අපි කීව හාමුදුරුවනේ ඒක තමයි ඇත්ත.ඒක තමයි වියයුත්තෙ.දැන් වෙච්ච සිදුවීම උනා මෙවැනි දේවල් නොවෙන තැනට අපි වගබලාගතයුතුයි.ඒ වෙනුවෙන් අපි සාකච්ඡාවක් කරමු කිසිම කෙනෙක් කලබලයක් ඇතිකරගන්න එපා කලබල ඇති කරගන්න හැම වෙලාවකම මේ රට වැටෙනව ,ඒක අපිට අවාසී අපිට අත්දැකීම් තියෙනව බොහොමයක් මොකද මේ කතාකරන බොහෝ දේවල් දේශපාලකයො මතුපිටින් කතාකරාට ඒ අය හිතනව රටේ මේ ප්‍රශ්න ඇති උනානම් කියල.

කෙසේ හෝ වේවා මේ පොලීසිය තමන්ගෙන් ඒක හෙලිදරව් නොකිරීම විශාල අත්වැරැද්දක්.රටට මෙක කීවනම් කෙනෙක් මැරුණ පොලීසිය නීතිය ක්‍රියාත්මක කරල තියෙනව ….නමුත් මේක රටට ගියෙ නෑ…කිසිම මාධ්‍යකට දුන්නෙ නෑ.

දැන්, ඊයෙ කුමාරසිංහ මහත්මයගෙ බූමදාන කටයුතු සිද්ධ උනා දහස් ගානක් ජනතාව එක් රැස් උනා මිනිස්සු ආවෙගෙයට පත්වෙනව.අනිත් එක හැමෝගෙම හිතදිනා ගත්තු තරුණයෙක් හාමුදුරුවෝ ආදරෙයි,මිනිස්සු ආදරෙයි අද මේ මනුස්සයෙක්ට අසාධරණයක් උනහම මිනිස්සු කලබල වෙන එක ස්ව්භාවය.අපිට පුදුම හිතුන .එක දිගට බැලුවොත් 30km විතර එක දිගට සුදු කොඩි දාල මිනිස්සු ස්වෙච්ඡාවෙන් ….තමන්ගෙ ශෝකය පලකරල තිබ්බෙ එහෙමයි ….

දැන් තියෙන ගැටලුව තමයි මේ සිද්ධිය පදනම් කරගෙන රටේ කල කෝලාහල පටන් අරගෙන තියෙනව …කඩවල් වලටගහල..මිනිස්සුන්ට ගහල මේක කලයුත්තක් නෙමෙයි.ඒ නිසා කරුණාකරල අපි කියනව මේ රටේ මුස්ලිම් මිනිස්සුන්ටත්,දඟලන නගරම්පාන චන්ඩිකම්පාන සියලුම පාර්ශව වලට කරුණාකරල නවතින්න.මොකද හේතුව මේ රට තියෙන්නෙ ඉතාම භයානක තැනක.එහෙන් ආණ්ඩුව ගෙනියන්නෙ කොහොමද කියා කියා දඟලනව සාකච්ඡා විතරයි ..රටඑක තැන හිරවෙලා උගුරෙ කට්ටක් හිර උනා වගේ.උඩට ගන්නත් බෑ පහලට ගන්නත් බෑ …තීන්දු ගන්න කෙනෙක් නෑ අයාලේ යනව,එතකොට එවැනි තත්වයක් ඇතුලෙ අපි දන්නෙ නෑ මේ බලවේග ක්‍රියාත්මක වෙන්නෙ කොහෙන්ද කියල….එක පැත්තකින් ඇමර්කානු තානපති කාර්‍යාලය බටහිර යුරෝපෙ තානාපති කාර්‍යාලවල ..චන්ද්‍රිකා නෝනට,මනෝගනේශන්ට විශාල සල්ලි ප්‍රමානැයක් පොම්ප කරල තියෙනව සංහිඳියාව හදන්න …දැන් මේ අවුරුදු තුන ඇතුලෙ සංහිඳියාව හදන්න පුලුවන් වෙලා තියෙනවද ? සංහිඳියාව නාමයෙන් නාලික ඇරිය කියක චිත්‍රපට පෙන්නුව කියල සංහිඳියාව නාමයෙන් හෝටල්වල ඇඳල පැලඳල මීටින් තිබ්බ කියල සංහිඳියාව හදන්න බෑ…ඒ නිසා ඒ තානාපති කාර්‍යාල වලටත් චන්ඳ්‍රිකා නෝනටත් මනෝ ගනේශන්ටත් ..මේ සංහිඳියාව ගැන පම්පෝරි ගහන ලොකු උන්නැහෙලටත් සංහිඳියාව හදන හැටි අපි උගන්නන්නම්…මේ රටේ උලමලටත් අපි කියල දෙන්නම් සංහිඳියාව හදන හැටි…සංහිඳියාව හදන්නෙ කොහොමද කියක අපි ගිංතොට දි පෙන්නුව.රට තුල ඇති වෙච්චි යම් සිද්ධීන් වලදි අපේ භාවිතාවන් ඇතුලෙ අපි ඔප්පු කරල ඔඑන්නුව සංහිඳියාව හදන්නෙ කොහොමද කියල …සාකච්ඡාව විතරයි ..අපරාදෙ ඒ සල්ලි වලින් බතල කොටුවක් හැදුනවනම් දුප්පත් මිනිස්සුන්ට කන්න දෙන්න තිබ්බ.අර අංගොඩ රෝලහේ බෙහෙත් සැරට දුක් විඳින මිනිස්සුන්ට තැඹිලි ටිකක් ගෙනිහින් දෙන්න තිබ්බ…මුං මේ සංහිඳියාව හදන්න වියදම් කරන සල්ලි වලින්..ඒ නිස මේ බොරු සංහිඳියා බෝඩ් ලෑලි අතරෙ සිංහලයොත් ගහගන්නව මුස්ලිම් මිනිස්ස්ත් ගහගන්නව.කවද්ද මේක නතරවෙන්නෙ……..ඒ නිසා අපි මේ රට කරවන උදවියත් රට කරන උදවියටත් ඒවෑ ඉන්න උපදේශක මන්ඩලයටත් සිහල මුස්ලිම් කියල බේදයක් නෑ සියලු දේශපාලන නායකයන්ට කියනව කරුණාකරල මේ ඇතිවෙන සිද්දිගැන දැකල කිඹුල් කඳුලු හෙලල ..කාටවත් තේරෙන්නෙ නැති විදග්ද වචන කියල මේ ප්‍රශ්නය මගහරින්න එපා…කරුණාකරල එක මේසෙකට එන්න ,කාලයක් බොදු බල සේනවට මේව බැරකලා,සමහරුන්ට නින්ද යන්නෙ නෑ.මේක ඉවරකරනකම්, අලුත්ගම අවාසනාවන්ත සිද්දියක් ඇති උනා අපි අදත් කියනව ඒ ගැන හොයන්න කියක …අපි කියනව වහාම අපිත් සහයෝගෙ දෙන්නම්.මේක නිවන්න.සංසුන් වෙන්න බිල්ඩිම් ගිනිතිබ්බ කියල මේක නවතින්නෙ නෑ ..ඒවට තට්ටු ගමන් ගහන්න සල්ලි ලැබෙයි.

ඒ නිසා අපි කරුනාකරල තියෙනව.මේ ගැන සාකච්ඡාවක් කරන්න..කොමිසමක් පත්කරන්න..මේ ප්‍රශ්න අපි සාකච්ඡාවක් තුලින් විසඳගමු…මේ විපත්තිය සම්පත්තියක් කරගෙන අපි..ඉදිරියට මෙවැනි දේවල් නොවෙන්න වග බලාගමු…

]]>
http://www.bodubalasena.org/?feed=rss2&p=1675 0
“වද පෙති” පිලිබදව ගෙනයන අසත්‍ය ප්‍රකාශය http://www.bodubalasena.org/?p=1667 http://www.bodubalasena.org/?p=1667#respond Thu, 01 Mar 2018 17:17:46 +0000 http://www.bodubalasena.org/?p=1667 2018/03/01
වද පෙති පිලිබදව ගෙනයන අසත්‍ය ප්‍රචාර

පසුගියදා අම්පාර ප්‍රදේශයේ සිදුවූ නොසන්සුන්තාවයට මූලික වුනු “වඳ පෙති” සම්බන්දයෙන් බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිදුකල ප්‍රකාශයක් යැයි හුවා දක්වමින් උන්වහන්සේ විසින් කිසිසේත් නොකළ ප්‍රකාශයක් සංස්කරණය කර අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

අන්තර්ජාලයට එක්කර ඇති අසත්‍ය ප්‍රචාරය

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝ බොදු බල සේනා සංවිධානය විසින් අම්පාර ප්‍රදේශයේ සිදුවූ සිදුවීම සම්බන්දයෙන් මෙම නිවේදනයට පෙර කිසිදු මාධ්‍ය නිවේදනයක් හෝ ප්‍රකාශයක් සිදුකර නොමැත.

මෙවැනි අසත්‍ය ප්‍රචාර කරන්නන්ට විරුද්ධව පොලිස් මුලස්ථානයට පැමිණිලි කිරීමට අප සංවිධානය ක්‍රියාකරම්න් සිටින අතර සංවිධානත්මක ලෙස බොදු බල සේනා සංවිධානයේ කිර්ති නාමය විනාශ කිරීමට කුමන්ත්‍රණකාරී පිරිසක් දිගින් දිගටම අන්තර්ජාල මාධ්‍ය බාවිතා කරමින් කටයුතු කරමින් සිටියි. බොදු බල සේනා සංවිධානයේ නිළ වෙබ් අඩවියෙන්(www.bodubalasena.org) පමණක් අප සංවිධානයේ නිවේදන ලබා දෙන අතර අනෙකුත් Facebook පිටු සම්බන්ධයෙන් අපගේ කිසිදු වගකීමක් නොමැත.

මීට ඉහත, කිහිප අවස්ථාවකදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් “වඳ පෙති” සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වූ අතර මේ පිලිබදව විදිමත් පරීක්ෂණයක් නොකිරීමේ ප්‍රතිපලයක් ලෙස අම්පාර ප්‍රදේශයේ සිදුවූ ගැටුම්කාරී තත්වය හැඳින්විය හැක. ජනතාවට තමන් මිලදී ගන්නා අහාර පිලිබදව විශ්වාසයක් තිබිය යුතු අතර එසේ විශ්වාසයක් නොමැති ස්ථානවලින් අහාර ලබා නොගැනීමට ජනතාව වගබලා ගත යුතුය. ජනතාවට විශ්වසනීය ලෙස ආහාර ලබාගැනීමට හැකි පරිසරය සෑදීමේ වගකීම රජය සතුය. එම වගකීම වගකිවයුත්තන් විසින් හරි හැටි ඉටු කලානම් මෙවැනි ගැටුම් ඇති වීමට අවස්ථාවක් නැත.

බොදු බල සේනා මාධ්‍ය අංශය

]]>
http://www.bodubalasena.org/?feed=rss2&p=1667 0
සංඝානුභාවේන – සංගායනාවට කාලයයි – ජාතියේ චීවර පූජාව. හැඳින්වීම http://www.bodubalasena.org/?p=1663 http://www.bodubalasena.org/?p=1663#respond Wed, 21 Feb 2018 09:03:21 +0000 http://www.bodubalasena.org/?p=1663

මේ රට ඉතාම දරුණු විදිහට පිරිහිලා. අපි ජාතියක් විදිහට සමස්ථ ජතියේම අධ්‍යාත්මයම පිරිහිච්ච වෙලාවකයි මේ කථා කරන්නෙ. ශාසනික පරිහානිය, ස්වයං පරිහානිය කෙලවරක් නැති සංස්කෘතික ආක්‍රමණ ඒ විතරක් නෙවෙයි නොයෙක් විදිහේ පිරිහීමේ දොරටු විවර කරමින් ඇති වැඩපිලිවෙලවල් විසින් මේ රට වෙලා ගෙන ඉන්නවා. ඉතින් අපි කල්පනා කලා සංවිධානයක් විදිහට මේ අවුරුද්දෙ ඉතාමත් දියුනු ආධ්‍යාත්මික වැඩපිලිවෙලක් ශක්තිමත් පදනමක් ඇතුව පිහිටුවන්න ඉතිහාසයේ දෙවනි වතාවට විශාල පිංකමක් සිද්ධ කරන්න අනුරාධපුරේ රුවන්වැලි මහා සෑයේ. මොකද මේ රට වැටෙනවා දවසින් දවස අපිට බලාගෙන ඉන්න බෑ. අපි මේ රටට ආදරෙයි. සිංහලයන් හැටියට අපිට තියෙන එකම රට මෙච්චරයි අවුරුදු දෙදදහස් ගානක් මේක රැක්කා. අවුරුදු දහස් ගානක් එක දිගට බණ අහපු ජාතියක් අපි. මේ මිනිස්සුන්ගෙ මතය විනාශ කරන්න මේ මිනිස්සුන්ගේ දර්ශනය අරමුණු පරමාර්ථ මොට කරන්න සමත්වෙලා තියෙනවා මේ අවුරුදු 70 තුල මේ දේශපාලන නායකයො තම තමන්ගේ බලය වෙනුවෙන්.

ඒ නිසා අපි කල්පනා කෙරුවා ඉතිහාසයේ එකම එක වතාවයි අපි මේ සිද්ධ කරන්නට යන පිංකම සිද්ධවෙලා තියෙන්නෙ. සංඝානුභාවේන.. සංගායනාවට කාලයයි. .ජාතියේ චීවර පූජාව.. ශාසානාභිවෘද්ධිය උදෙසා වූ සම්මා වායාමය. අපි ඉලක්කයක් තබාගෙන තියෙනවා මැයි 19 වෙනිදා අනුරාධපුරේ රුවන්වැලි මහා සෑය ලග මේ චීවර පූජාව කරන්න. මේ වැඩපිලිවෙලේ තේමාව සංඝානුභාවෙන.. සංගායනාවට කාලයයි. මේ ජාතියේ ඉදිරි පැවැත්ම පිලිබද විශ්වාසයක් ඇතිකරගන්න නම් හැම ක්ෂේත්‍රයක් කෙරෙහිම ජාතික, ආගමික, අධ්‍යාපනික, නීති, කෘෂිකාර්මික, ආර්ථික මේ හැම ක්ෂේත්‍රයක් පිලිබදවම අපි යම්කිසි සංගායනාවක් කල යුතුයි. මේ රට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට නතු කලයුතුයි. මොකද හැම අතින්ම රෝගී වූ ආකල්පමය අතින් රෝගී වුනු කම්මැලි ජාතියක් ‍වෙලා. මේ රටේ ගෑනු ටික නැත්තං මේ රටත් නෑ, ශාසනයත් නෑ, අපිත් නෑ. ඒ ගෑනුන්ගෙ ධෛර්ය නැත්තං. පිරිමි ටික ඔහේ බිබී ඇවිදිනවා, කාලය නාස්ති කරනවා, වැඩ කරන්නෙ නෑ. ටයි කොට් දාගත්තු මහත්තුරු වගේ, කම්කරුවෙක් නෑ. ඉතින් කොහොමද අපි මේ රට නගන්නෙ ?

අපි කල්පනා කලා ඉස්සර වෙලා මේ රටේ පොදුවේ සිංහල දමිල මුස්ලිම් බර්ගර් කියලා කිසි බේදයක් නෑ. අපිට කිසි ජනවර්ගයක් කෙරෙයි වෛරයක් නෑ. හැබැයි අපිට අනාගතේ අනතුරක් වියහැකි මූලධර්මවාදී ආගමික කල්ලි පිලිබද කියවීම එහෙමමයි. එක්කො ඒ අය වෙනම හදුනාගෙන නිවැරදි මගට ගන්න ඕනි. එහෙම නැත්තං නීති අනපනත් මගින් ඒවා නතර කරගන්න ඕනි. ඒ අනතුර අපි රටට පෙන්නලා දුන්නා. එතනින් එහාට ඒවට වැඩපිලිවෙලවල් හදන එක අපේ රාජකාරිය නෙවෙයි. ඒ නිසා මේ රට තුල උපන් සියලුම සිංහල දෙමල මැලේ මුස්ලිම් බර්ගර් ආදී සියලුම මිනිස්සුන්ට ආදරණීය ලෙස අපි ආරාධනා කරනවා මේ අති දැවැන්ත පින්කමත් එක්ක එකතුවෙන්න කියලා.

මේ පිංකමට නිදානයක් තියෙනවා. අනුරාධපුර යුගයේ වලගම්බා රජතුමා සතුරු ආක්‍රමණ නිසා අවු 14 ක් හැංගිලා හිටියා මේ රට පුරාම තැන් තැන්වල. ඒ කාලෙ මේ රටේ හාමුදුරුවරු තමයි එතුමව රැකගත්තෙ පිණ්ඩපාතෙ කරලා තමයි එතුමට කුසට ආහාර දුන්නෙ. එතුමගෙ කාලෙ ආපු බැමිණිතියාසාය කියන දරුණු නියගය කෙලවර වුනේ මහා විනාශයකින්. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි මුඛ පරම්පරාවෙන් ගෙනාපු ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන්න අවශ්‍ය පසුබිම හැදුනෙ. ඒ රජතුමාගෙ මල්ලිගෙ පුතා තමයි මහසිලුමහතිස් රජතුමා හැටියට වලගම්බා රජතුමාගෙන් පස්සෙ රජවෙන්නෙ. ඒ රජතුමා පහුගිය රජ කාලෙ වුනු සතුරු අනතුරු ස්වභාවික විපත් දැකලා මගේ රාජ්‍ය කාලයතුල එවැනි අතුරු ආන්තරා නොවේවා  කියන ප්‍රාර්ථනාවෙන් මහා පිංකමක් කරලා තියෙනවා හාමුදුරුවරු සාමග්‍රියේ පිහිටුවලා ඒ ආධායාත්මක ඒ පදනම මත පිහිටුවලා දැහැමෙන් සෙමෙන් අවුරුදු 14ක් රට පාලනය කරලා තියෙනවා. මහා වංශයේ 33 වෙනි පරිච්ඡේදයේ හරි අපූරුවට මේ පිංකම ගැන විග්‍රහ කරලා තියෙනවා පමණක් නෙවෙයි එහි සාක්ෂි දරලා තියෙනාව ඒ කාලය තුල එවැනි කිසිදු විපතක් හෝ සතුරු අනතුරක් සිදුනොවුනු බව. ඒ කිව්වෙ ජාතිය සමගියට පත්වුනා. හාමුදුරුවරු ඒකට ආධයාත්මික නායකත්වය දුන්නා. රට සශ්‍රීක වුනා.

මේ සංසිද්ධිය යටත්විජිත යුගයේ දී මේ ජාතියට පණ දෙන්න පෑන හසුරවපු සිකීම් ජාතික එස් මහින්ද හාමුදුරුවො සිංහලයො වෙනුවෙන් ලියපු ජාතික තොටිල්ල කියන පොතේ මේ මහසිලු මහතිස් රජතුමා කරපු පිංකම ගැන මෙහෙම ලස්සන කවියක් ලියනවා.

මහසිලු මහතිස් නිරිදා
සග සැට දහසකට එදා
සැට දහසක් සිවුරු පුදා
කල පිංකම සිතනු සොදා

ඉතින් අපි මේ රට වැටෙන තැන් වලදි ඉතිහාසයේ අපේ රණශූර මී මුතුන් කරපු මේ වගේ කරපු කැපකිරීම් ගැන මහාවංශයේ 33 පරිච්ඡේදයත් මේ කවියත් විමසලා බලන කොට මේ වගේ කරුණු සම්පූර්ණ කරලා තියෙනවා.

අපේ පරමාර්ථ කිහිපයක් තියෙනවා මේ පින්කමේ. අවුරුදු 200ක් පිරෙනවා මේ අවුරුද්දට යටත් විජිතයක් වෙලා. ඒ විමුක්ති අරගලයේ දී මැරුණු අපේ රණශූර ආදි මුතුන් මිත්තන්ට පින් පැමිණවීම එක අරමුණක්. ඒ වගේම අවුරුදු 70 ක් දැන් අපි නිදහස ලබලා. මේ කාලය තුල කී දාහක් මැරුණද අපේ මිනිස්සු අභ්‍යන්තර කෝලාහල නිසා. අපේ සූත්‍ර දේශනාවල තියෙනවා වෛරයෙන් ද්වේශයෙන් පටිඝයෙන්, පලි ගැනීමේ චේතනාවෙන් කව්රු හරි මැරුණොත් ඒ අය, මිනිස්සුන්ට, මේ පරිසරයට හානි පමුණවනවා කියලා. ඉතින් අපිට හිතෙනවා එහෙමදෝ මේ වෙන්නෙ කියලා දැන්. ඔය තිරෝකුඩ්ඩ ආදී සූත්‍ර වල දක්වලා තියෙනවා එහෙම වෛර චේතනා වලින් මැරුණහම ඒ අය ඔය හන්දිවල වගේ තැන්තැන් වල පලිගැනීමේ චේතනාවෙන් ඉන්නවා කියලා. ඒකනෙ බුදුහාමුදුරුවො මේ හාමුදුරුවරුන්ට ඕනි ඕනි විදිහට අතපය වත් එහෙ මෙහෙ විසි කරන්න එපා කියලා කායසංවරයේ පිහිටෙව්වෙ. මොකද සිවුරට හරි බයයි ඒ ආත්ම. හිත දියුනු කරපු අයට ඒ අයව පේනවා ඒ සද්ධ ඇහෙනවා. ඉතින් අපිට හිතෙනවා මේ රජමැදුරු වල වෙන දේවල් බලනකොට මුන්ට මේ ආත්මභාව ආරූඩ වෙලා වත්ද කියාල.

ඉතින් ඒ අනුව අපි තීරණය කලා ඒ කරපු සංඝ සාමග්‍රිය ගොඩ නගලා කරපු පිංකම නැවතත් කරලා මේ වැටුනු රටට ආධාත්මික මගපෙන්වීමක් කරන්න. මේ රටම ඉතාම දරුණු ගණයේ අධර්මවාදීන් අතට මේ බලය හසුරුවන්නන් හා ඔවුන්ට උපදෙස් දෙන්නනං අතට පත්වෙලා තියෙනවා. මේක බුද්ධ භූමියක්. එහෙම කිව්වා කියලා අනෙක් ආගමිකයන්ට හිත් රිදෙන්න ඕනි නෑ. මොකද බුදුහාමුදුරුවො තුන් වතාවක් මේ රටට වැඩම කරලා මේක බුද්ධාභිෂේකයට පත්කලා. ඒ නිසා මේ රටේ  දෙමල මුස්ලිම් හැමෝගෙම වගකීම මේ බුද්ධභෝග ටික රකින එක මිසක් බුද්ධ භෝග කොල්ලකන එක නෙවෙයි. ඒ පදනම ආරක්ෂා කරගත්තොත් හැමෝටම සහජීවනයෙන් ඉන්න පුලුවන්.

ඒත් බලන්නකො අදත් මේ නායකයො මිනිස්සු වර්ග කරනවා බෙදනවා. කව්ද මොන නායකයද ආරාධනා කරන්නෙ එන්න අපි එකතුවෙලා රට හදමු කියලා ? තමන්ගේ දේශපාලනය කරගන්න දෙමල මිනිස්සු එහෙන් පැත්තකට කරනවා මුස්ලිම් මිනිස්සු එහෙන් පැත්තකට කරනවා.

දැන් මේ දවස්වල අපි නිහඩව ඉන්නකොට මුස්ලිම් නායකයො අපෙන් අහනවා හාමුදුරුවනේ අපිට පොඩ්ඩක් ගහන්නකො. ඇයි කියලා අහපුවහම, නෑ එතකොට අපිට පුලුවන්ලු ලිස්ට් එකේ උඩට එන්න. මොන තරම් තුච්ඡ ද මේ දේශපාලන ක්‍රමය ?

ඒ නිසා අපි කල්පනා කෙරුවා තරුණ තරුණියො 60000 ක් එක්ක සිවුරු 60000 ක පූජාවක් පවත්වලා සංගායනාවට කාලයයි නමින් මේ වැඩපිලිවෙල රට තුල ක්‍රියාත්මක කරන්න දැන් සියලු කටයුතු අපි සංවිධානය කරගෙන යනවා. අපෙ මාධ්‍ය මහත්වරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ඒ සදහා අවශ්‍ය මාධ්‍ය සහයෝගය අපිට දෙන්න කියලා. මේ හරහා රට තුල විශාල ආධයාත්මකි ප්‍රබෝධයක් ඇතිවෙයි කියලා අපි හිතනවා.

මේ රට නගන්න උවමනා කරන වැඩපිලිවෙලවල් බොහෝමයක් මේ තුල සාකච්ඡා කල හැකියි. තායිලන්තය වගේ රටවල හාමුදුරුවරු තමන්ගේ පන්සල් ඉඩම් සහ රජයේ ඉඩම් වල තරුණ ලමයි විශ්වවිද්‍යාල දරුවො එක්ක එකතුවෙලා දැන් සදුන් ගස් වවනවා. කයිවාරු ගහ ගහ මේ වගේ උද්ඝෝෂණය කර කර ඉන්නෙ නෑ. ඇයි ඒවා ඒ රටේ අනාගත සංචිත.

ඉතින් අපිට මේ රටේ සියලු දේශප්‍රේමී බලවේග එකතුකරගෙන මේ රටට සෙත ප්‍රර්ථනා කරලා ඒ වගේම රටේ නායකයන්ගේ සාමග්‍රිය ප්‍රාර්ථනා කරලා මේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරනවා. අපි දැන් සංවිධානයක් හැටියට විනයවත් වෙලා අපි බොහෝ අත්දැකීම් ලබලා පන්නරය ලබලා කව්රුවත් විවේචනය කරන්නෙත් නෑ දැන් ගහගන්න යන්නෙත් නෑ. අපේ එකම අරමුණ මේ නායකයො සමගියට පත්වීම. නායකයො බොහොම දුලබයි. අපිට පේනවා දේශපාලන කලිකලහ ඇතුලෙ සිංහල සිංහල නායකයොම ගහ ගන්නවා. මරා ගන්නවා. උන් මුන්ට හොරා කියනාව උන් මුන්ට හොරා කියනවා. අවසානයේ බලන කොට මුන් ඔක්කොම හොරු වෙලා තියෙනවා. පාලමක් දකින කොට පාරක්, ගොඩනැගිල්ලක් දකින කොට හිතෙන්නෙ මුන් මේකෙන් කීයක් ගහලා ඇද්ද කියලා. එතනට මිනිස්සුන්ගෙ අවධානය යොමුකරලා තියෙනාව කොච්චර කැතයිද ඒක.

රටේ හැමතැනකම හොරකම වංචාව දූෂණය එකාට එකා නැති කමින් මිනිස්සු මිනිස්සුම පෙලන මහා මුග්ධ තත්වයකට මේ රට වැටිලි තියනෙවා. අපිට හිතා ගන්න බෑ මේ තරම් බණ අහන රටක ඇයි මෙහෙම වෙන්නෙ කියලා. අපි මේ රටේ හාමුදුරුවරුන්ටත් ආරාධනා කරන්නෙ බණ කලාවෙ ඉදලා වෙනසක් කරන්න, මේ වැඩපිලිවෙලත් එක්ක. මෙ රටට අවශ්‍ය නෙගෙටිව් බණ නෙවෙයි, පොසිටිව් බණ. නිවන තමයි අපේ එකම අරමුණ කුසට අහරක් පිරිසිදු වාත්‍රශ්‍රයක් තියෙන්න ඕනිනෙ බණක් භාවනාවක් කරන්නත්. බඩට බත්නැති ජාතියකට බණ කියලා වැඩක් නෑ. ප්‍රශ්නාවලියක් එක්ක ඉන්න පිරිසකට බණ කියලා වැඩක් නෑ. ඒ මිනිස්සුන්ට ඕනි ප්‍රශ්න වලින් ගොඩ එන්න. අර සංස්කෘතික ස්ලෝකයක් තියෙනවා ‘නිර්දනශ්චන ගෝෂිතං’ කියලා නිර්ධනයන් එක්ක මේ සාකච්ඡා කරලා කරුණු කියලා වැඩක් නෑ. ඒ අයට ඕනි කන්න.

ඒ නිසා මේ රටේ සාතිශය බහුතරයක් කිසිදු බේදයකින් නැතුව එකතුවෙමු. සිංහල දෙමල කියලා බඩගිනි වෙනම නෑනේ. ඒ නිසා මේ රටේ නායකයන්ට සමගියට පත්වෙන්න, වැටෙන රට නගන්න. අවසාන වශයෙන් මුලු මහත් සමාජයම සමාධියකට පත්කරන්න අරමුණින් තමයි මේ වැඩපිලිවෙල අපි සිද්ධ කරන්නෙ.

රටතුල ගොඩනගන මේ අධ්‍යාත්මික වැඩපිලිවෙලට උපකාර වන්න හැමදෙනාටම අපි ආරාධනා කරනවා.

]]>
http://www.bodubalasena.org/?feed=rss2&p=1663 0
Dhamma Programe at Rathnapura 2018-01-08 http://www.bodubalasena.org/?p=1656 http://www.bodubalasena.org/?p=1656#respond Tue, 20 Feb 2018 17:38:41 +0000 http://www.bodubalasena.org/?p=1656

]]>
http://www.bodubalasena.org/?feed=rss2&p=1656 0
Video: බොදු බල සේනා මාධ්‍ය හමුව 2018/02/20 http://www.bodubalasena.org/?p=1653 http://www.bodubalasena.org/?p=1653#respond Tue, 20 Feb 2018 17:08:57 +0000 http://www.bodubalasena.org/?p=1653

අද(20) රාජගිරිය බොදු බල සේනා මහ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් දැක්වූ අදහස්… 

අද අපි ඉන්නෙ මීට අවුරුදු 200කට කලින් 1918 මාර්තු 17 වෙනිදා කන්ද උඩරට, ඌව වෙල්ලස්ස කැරැල්ල, ඒ ජාතික විමුක්ති අරගලය පරාජයට පත්වෙලා හරියටම අවුරුදු දෙසීයයි. අපිට පේනවා 2015 ජනවාරි 08 වෙනිදා ඉදලා මේ ගතවුනු කාලසීමාව තුල 1818 වුනා වගේම සිංහල සෙන්පතියන්ගේ ඉවරයක් නැති බල ලෝභය අදූරදර්ශී භාවය අසමගිය ඒ ඒ බල කදවුරු වල ඉදගෙන මේ රට හසුරුවන්න යෑම නිසා එදත් අපිට මේ රට අහිමි වුනා. සම්පූර්ණයෙන්ම මේ රට යටත් විජිතයක් වුනා. දහ දාහක් එදා අපේ රණශූර මී මුතුන් ජීවිත දුන්නා.

අපිට පේනවා හරියටම අවුදුරු 200 කට පස්සෙ පටිගත කල රූප රාමු පෙලක් චිත්‍රපටයක් අපි ඉදිරිපිට ප්‍රදර්ශනය කරනවා වගේ ඇත්තටම අර 1918 ජාතික විමුක්ති අරගලයෙදි බෙදිලා රටත් ජාතියත් අනාථ කරලා එදා ඒ බෙදුනු සෙම්පතියො ද අදත් මේ දේශපාලන භූමිකාව කරන්නෙ කියලා. මොකද අපි බෞද්ධයො හැටියට නැවත ඉපදීම පුනර්භවය විශ්වාස කරනවනෙ. අපිට පේනවා ආත්ම භාව ගානකින් මැරි මැරී ඉපදුනු මිනිස්සු වෙන්න ඕනි මේ නැවත ඉපදිලා මේ භූමිකා රගදක්වන්නෙ කියලා.

අපි මේ රටේ ජනාධිපතිවරයට කියනවා කරුණාකරලා මේ රටට ජීවයක් දෙන්න. පහුගිය කාලෙම 94 ඉදලම සාකච්ඡා වුනා විධායක බලතල වැඩියි කියලා. අපි අහන්න ඕනි මේ විධායක බලතල කොස් කොටන්නද කියලා. දෙයියනේ තමන් නං මේ රටේ නායකයා ඒ විධායක බලතල පාවිච්චි කරලා තමුසෙලා ආණ්ඩුවක් හදාගන්නවා. මෙන්න මෙච්චරයි ඇමති මණ්ඩලය. මේ  ප්‍රජාතන්ත්‍රවාදය කිය කියා මේ බටහිරෙන් ආපු මේ කසිකබල් මතවාද වලටයි සිවිල් සංවිධාන කියන සිවල් සංවිධාන වලට ඕනි විදිහට මේ රට කරන්න ගියොත් අපිට මේ රටක් නැතිවෙනවා.

ඒ නිසා දේශපාලන පක්ෂ වල උදවියටත් අපිට කියන්න තියෙන්නෙ, හරියට ගෙයක් විදිහට සැලකුවොත් මේ රට කාමර වලට රණ්ඩුවෙලා වැඩක් නෑ. මොකද කාමර බෙදාගන්න කලින් ගේ බේරගෙන ඉන්න එපෑ. ඒ නිසා මේ එක එක නගරං පාන, හයිරං පාන චණ්ඩි වාක්‍ය දොඩන මේ දේශපාලන නායකයන්ට අපි කියනවා කරුණාකරලා ඔය ඉන්න ලෙවල් වලින් බැහැලා මේ රට ගැන හිතන්න කියලා.

අපි දන්නවා අපි මේ කුණු ප්‍රජාතන්ත්‍රවාදී මායාව ඇතුලෙ සිංහලයො එක්ක වැඩක් කරන්න පුලුවන් ද? අවම තරමින් ගරාජ් එකක්, වැඩපලක් තියා පන්සලක්වත් කරන්න බෑ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය තියාගෙන ගියොත්. ඒ නිසා මේ බහුබූත නරි නාටක සපයන්නෙ නැතුව අපිට රටක් ඕනි. ඒ රට ගෙනියන්න ආණ්ඩුවක් ඕනි. ඒ ආණ්ඩුව ගෙනියන්න මිනිස්සු ටිකක් ඕනි. ඒකයි අපි ඇහුවෙ මේ විධායක බලතල කොස් කොටන්නද කියලා. කරුණාකරලා යූඑන්පී ද, ශ්‍රී ලංකා ද, ඒකාබද්ධ ද, ඒ එකක්වත් අපට අදාල නෑ. අපි මේ රටේ සිංහල නායකයන්ට ආරාධනා කරනවා අර වලිගය විසින් බල්ලා නටවන න්‍යායට යන්නෙ නැතුව තම තමන්ගේ උද්ධච්චකම්, දඩබ්බරකම්  එකිනෙකාට තියෙන ඇරියස් කවර් කරගන්න රට බිල්ලට දෙන්නෙ නැතුව එකතුවෙන්න කියලා.

දැන් බලන් ඉන්නවා සමහරු පලිගන්න වෛරය ක්‍රෝධය දෙන්නං උඹලට බැටේ කියලා කොහෙද බුද්ධාගම තියෙන්නෙ? උදේ හවස පන්සිල් අරගෙන සුදු රෙදි ඇදගෙන පන්සල් යන මිනිස්සුන්ට කෝ බෞද්ධාගමේ භාවිතාව ? අපි ඊයෙ දැක්කා රාමඤ්ඤ නිකායෙ මහ නායක හාමුදුරුවො, ඒ වගේ රට වෙනුවෙන් පෙනී හිටපු හාමුදුරුවරු, ඒ වගේම අස්ගිරියෙන් මල්වත්තෙන් හැම පැත්තෙන්ම එකම විධානයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ මහා නායක හාමුදුරුවන් වහන්සේලාගේ ඉල්ලීමට කන්දීලා මේ රට නිවැරදි දිශාවකට යොමුකරගන්න කියලා අපි කියනවා. වහාම මේ සිංහල සෙන්පතියන් සිංහල දේශපාලකයන් සාමග්‍රියට පත්විය යුතුයි. මොකද මේක ඇතුලෙ එහෙම සමගියකට පත් නොවුනොත් ඉතාම දරුණු අගාධයකට මේ රට යමින් තියෙනවා. මොකද නොයෙක් විදිහෙ රට බෙදුම්වාදයට තල්ලු කරන විජාතික බලවේග පිරබාහරන් මරණයට පත්කිරීමෙන් ඇතිවෙච්ච ඒවෛරය ක්‍රෝධය මුල්කරගත්තු කල්ලි කණ්ඩායම්. අපි දැක්කා ඊයෙ ජාතික පුවත්පතක් වාර්තා කරලා තියෙනවා රාජ්‍ය නොවන සංවිධායක් ඩොලර් මිලියන ගණනක් ගෙනහල්ලා තියෙනවා මේ රටේ සංහිදියාව මේ වැඩපිලිවෙලවල් අඩපණ කරලා මත හදන්න. කොයි කාලෙත් එහෙමයි අපිට මතකයි ඒ කාලේ ගොර්බෝෆ්, ඉන්ටර්නැෂනල් ඇලර්ට් වගේ සංවිධාන තිබුනා. ඒ සංවිධාන හැමදාම සිංහලයන්ගේ මතය මොට කරන්න වැඩපිලිවෙලවල් හැදුවා. එන්න එන්න රුපියල කඩා වැටෙනවා. ඩොලර් එක නගිනවා කොටස් වෙලදපොල වැටිලා. ව්‍යාපාරිකයො අපිට කථා කරලා කියනවා දැන් හාමුදුරුවනේ බෙල්ලෙ වැල දාගන්න වෙලා තියෙන්නෙ කියලා.  දේශපාලකයො කයිවාරු ගහයි. ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නෑනේ. උන්ට කව්රු හිටියත් එකයි. ඒ අය එයාලගෙ පදනම් හදාගෙන තියෙන්නෙ. දැන් ඔය ඉන්න කණ්ඩායමේ ඕනි නං 10-15ක් ඇති අමාරුවෙන් ජීවත්වෙන. අනෙක් අය තමන්ගේ පසුබිම හදගෙන ඉවරයි. ඒත් මේ රටේ මිනිස්සු මොකද්ද මේ කරලා තියෙන කරුමෙ. අර කථාවක් තියෙන්නෙ කන්දක් විලිලාලා මොකද්ද එකක් වැදුවා වගේ කියලා. දැන් නහයෙන් අඩලා අඩලා චන්දයක් ඉල්ලා ගත්තා. දැන් ප්‍රාදේශීය සභා ටික පිහිටුවා ගන්න බෑ. ඒක කරගන්න බැරි උන් කොහෙන්ද ආණ්ඩුවක් හදන්නෙ ?  ඒ නිසා අසාර්ථක සෙබලු පැත්තකට වෙන්න ඕනි. එක්කො මේක රනිල්ට කරන්න දෙන්න ඕනි ඇගිලි ගහන්නෙ නැතුව. එක්කො මේක කරයි, එක්කො ඉවර කරයි.

එහෙම නැත්තං මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ සාතිශය බහුතරයකගෙ අප්පච්චි බවට පත්වෙලා ඉන්නවනෙ, ඒ මනුස්සයට විතරයි මේක කරන්න පුලුවන් කියලා. එක්කො මහින්ද මහත්තයට මේක දීලා සිරිසේන මහත්තයා පැත්තකට වෙලා ඉදලා හරි මොකක් හරි ආණ්ඩුවක් රටට ඕනි. මෙහෙම ගන්ධබ්බ අවස්ථාවක් හැටියට මේක යන්න දෙන්න බෑ. මේ රටේ තැලෙන, පොඩිවෙන, දුක් විදින බඩගින්දර උහුලගන්න බැරුව ඉන්න, බෙහෙත් පෙත්තක් ගන්න බැරුව ජීවිතේ යදින මිනිස්සු වෙනුවෙන් අපි ඒ ඉල්ලීම කරනවා. සමහර විට මිනිස්සු එක වේලයි කන්නෙ. මේ යක්කු මේ බයිලා ගහනවා. මොකද වැටෙන්න රට. පක්ෂ හදාගන්න පුලුවන්. රට ආපස්සට ගිහින් තියෙනවා ගව් ගානක්. මේක මෙතනින් බේර නොගත්තොත් මිනිස්සුන්ගේ සිත්වල තියෙන ආතතිය ඉතාම දරුණු විදිහට පුපුරායන්න පුලුවන්. ඒ අනුව තමයි කැරලි කෝලාහල රටවල් වල ඇතිවෙන්නෙ. ඒ නිසා මේ රටේ තරුණ ජීවත තවදුරටත් අපිට ඉඩදෙන්න බෑ. තරුණයො අපිට ඇහෙනවා කථා කරනවා මුන්ට ගහලා දාන්න ඕනි. වෙඩිතියලා දාන්න ඕනි මේක හරියන්නෑ මුන් මේ විනාශ කරන්නෙ අපේ අනාගතය කියලා එහෙම තැන් තැන්වල කදවුරු බදිමින් ඉන්නවා. අපිට ඒවා ඇහෙනවා. ඒ නිසා මේ අර්බුදය ඛේදවාචකය හමුවේ කව්රු කියන එකද මේ මිනිස්සු අහන්නෙ ? ඒ නිසා එක සම්මුතියකට ඇවිත් රට එකට කියන අරමුණ යටතේ වහාම සමගියට පත්වෙලා වැඩකරන්න කියන ඉල්ලීම අපි කරන්න කැමතියි.

ඊලගට දෙවනි කාරණාව තමයි මේ රට ඉතාම දරුණු විදිහට පිරිහිලා. අපි ජාතියක් විදිහට සමස්ථ ජතියේම අධ්‍යාත්මයම පිරිහිච්ච වෙලාවකයි මේ කථා කරන්නෙ. ශාසනික පරිහානිය, ස්වයං පරිහානිය කෙලවරක් නැති සංස්කෘතික ආක්‍රමණ ඒ විතරක් නෙවෙයි නොයෙක් විදිහේ පිරිහීමේ දොරටු විවර කරමින් ඇති වැඩපිලිවෙලවල් විසින් මේ රට වෙලා ගෙන ඉන්නවා. ඉතින් අපි කල්පනා කලා සංවිධානයක් විදිහට මේ අවුරුද්දෙ ඉතාමත් දියුනු ආධ්‍යාත්මික වැඩපිලිවෙලක් ශක්තිමත් පදනමක් ඇතුව පිහිටුවන්න ඉතිහාසයේ දෙවනි වතාවට විශාල පිංකමක් සිද්ධ කරන්න අනුරාධපුරේ රුවන්වැලි මහා සෑයේ. මොකද මේ රට වැටෙනවා දවසින් දවස අපිට බලාගෙන ඉන්න බෑ. අපි මේ රටට ආදරෙයි. සිංහලයන් හැටියට අපිට තියෙන එකම රට මෙච්චරයි අවුරුදු දෙදදහස් ගානක් මේක රැක්කා. අවුරුදු දහස් ගානක් එක දිගට බණ අහපු ජාතියක් අපි. මේ මිනිස්සුන්ගෙ මතය විනාශ කරන්න මේ මිනිස්සුන්ගේ දර්ශනය අරමුණු පරමාර්ථ මොට කරන්න සමත්වෙලා තියෙනවා මේ අවුරුදු 70 තුල මේ දේශපාලන නායකයො තම තමන්ගේ බලය වෙනුවෙන්.

ඒ නිසා අපි කල්පනා කෙරුවා ඉතිහාසයේ එකම එක වතාවයි අපි මේ සිද්ධ කරන්නට යන පිංකම සිද්ධවෙලා තියෙන්නෙ. සංඝානුභාවේන.. සංගායනාවට කාලයයි. .ජාතියේ චීවර පූජාව.. ශාසානාභිවෘද්ධිය උදෙසා වූ සම්මා වායාමය. අපි ඉලක්කයක් තබාගෙන තියෙනවා මැයි 19 වෙනිදා අනුරාධපුරේ රුවන්වැලි මහා සෑය ලග මේ චීවර පූජාව කරන්න. මේ වැඩපිලිවෙලේ තේමාව සංඝානුභාවෙන.. සංගායනාවට කාලයයි. මේ ජාතියේ ඉදිරි පැවැත්ම පිලිබද විශ්වාසයක් ඇතිකරගන්න නම් හැම ක්ෂේත්‍රයක් කෙරෙහිම ජාතික, ආගමික, අධ්‍යාපනික, නීති, කෘෂිකාර්මික, ආර්ථික මේ හැම ක්ෂේත්‍රයක් පිලිබදවම අපි යම්කිසි සංගායනාවක් කල යුතුයි. මේ රට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට නතු කලයුතුයි. මොකද හැම අතින්ම රෝගී වූ ආකල්පමය අතින් රෝගී වුනු කම්මැලි ජාතියක් ‍වෙලා. මේ රටේ ගෑනු ටික නැත්තං මේ රටත් නෑ, ශාසනයත් නෑ, අපිත් නෑ. ඒ ගෑනුන්ගෙ ධෛර්ය නැත්තං. පිරිමි ටික ඔහේ බිබී ඇවිදිනවා, කාලය නාස්ති කරනවා, වැඩ කරන්නෙ නෑ. ටයි කොට් දාගත්තු මහත්තුරු වගේ, කම්කරුවෙක් නෑ. ඉතින් කොහොමද අපි මේ රට නගන්නෙ ?

අපි කල්පනා කලා ඉස්සර වෙලා මේ රටේ පොදුවේ සිංහල දමිල මුස්ලිම් බර්ගර් කියලා කිසි බේදයක් නෑ. අපිට කිසි ජනවර්ගයක් කෙරෙයි වෛරයක් නෑ. හැබැයි අපිට අනාගතේ අනතුරක් වියහැකි මූලධර්මවාදී ආගමික කල්ලි පිලිබද කියවීම එහෙමමයි. එක්කො ඒ අය වෙනම හදුනාගෙන නිවැරදි මගට ගන්න ඕනි. එහෙම නැත්තං නීති අනපනත් මගින් ඒවා නතර කරගන්න ඕනි. ඒ අනතුර අපි රටට පෙන්නලා දුන්නා. එතනින් එහාට ඒවට වැඩපිලිවෙලවල් හදන එක අපේ රාජකාරිය නෙවෙයි. ඒ නිසා මේ රට තුල උපන් සියලුම සිංහල දෙමල මැලේ මුස්ලිම් බර්ගර් ආදී සියලුම මිනිස්සුන්ට ආදරණීය ලෙස අපි ආරාධනා කරනවා මේ අති දැවැන්ත පින්කමත් එක්ක එකතුවෙන්න කියලා.

මේ පිංකමට නිදානයක් තියෙනවා. අනුරාධපුර යුගයේ වලගම්බා රජතුමා සතුරු ආක්‍රමණ නිසා අවු 14 ක් හැංගිලා හිටියා මේ රට පුරාම තැන් තැන්වල. ඒ කාලෙ මේ රටේ හාමුදුරුවරු තමයි එතුමව රැකගත්තෙ පිණ්ඩපාතෙ කරලා තමයි එතුමට කුසට ආහාර දුන්නෙ. එතුමගෙ කාලෙ ආපු බැමිණිතියාසාය කියන දරුණු නියගය කෙලවර වුනේ මහා විනාශයකින්. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි මුඛ පරම්පරාවෙන් ගෙනාපු ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන්න අවශ්‍ය පසුබිම හැදුනෙ. ඒ රජතුමාගෙ මල්ලිගෙ පුතා තමයි මහසිලුමහතිස් රජතුමා හැටියට වලගම්බා රජතුමාගෙන් පස්සෙ රජවෙන්නෙ. ඒ රජතුමා පහුගිය රජ කාලෙ වුනු සතුරු අනතුරු ස්වභාවික විපත් දැකලා මගේ රාජ්‍ය කාලයතුල එවැනි අතුරු ආන්තරා නොවේවා  කියන ප්‍රාර්ථනාවෙන් මහා පිංකමක් කරලා තියෙනවා හාමුදුරුවරු සාමග්‍රියේ පිහිටුවලා ඒ ආධායාත්මක ඒ පදනම මත පිහිටුවලා දැහැමෙන් සෙමෙන් අවුරුදු 14ක් රට පාලනය කරලා තියෙනවා. මහා වංශයේ 33 වෙනි පරිච්ඡේදයේ හරි අපූරුවට මේ පිංකම ගැන විග්‍රහ කරලා තියෙනවා පමණක් නෙවෙයි එහි සාක්ෂි දරලා තියෙනාව ඒ කාලය තුල එවැනි කිසිදු විපතක් හෝ සතුරු අනතුරක් සිදුනොවුනු බව. ඒ කිව්වෙ ජාතිය සමගියට පත්වුනා. හාමුදුරුවරු ඒකට ආධයාත්මික නායකත්වය දුන්නා. රට සශ්‍රීක වුනා.

මේ සංසිද්ධිය යටත්විජිත යුගයේ දී මේ ජාතියට පණ දෙන්න පෑන හසුරවපු සිකීම් ජාතික එස් මහින්ද හාමුදුරුවො සිංහලයො වෙනුවෙන් ලියපු ජාතික තොටිල්ල කියන පොතේ මේ මහසිලු මහතිස් රජතුමා කරපු පිංකම ගැන මෙහෙම ලස්සන කවියක් ලියනවා.

මහසිලු මහතිස් නිරිදා
සග සැට දහසකට එදා
සැට දහසක් සිවුරු පුදා
කල පිංකම සිතනු සොදා

ඉතින් අපි මේ රට වැටෙන තැන් වලදි ඉතිහාසයේ අපේ රණශූර මී මුතුන් කරපු මේ වගේ කරපු කැපකිරීම් ගැන මහාවංශයේ 33 පරිච්ඡේදයත් මේ කවියත් විමසලා බලන කොට මේ වගේ කරුණු සම්පූර්ණ කරලා තියෙනවා.

අපේ පරමාර්ථ කිහිපයක් තියෙනවා මේ පින්කමේ. අවුරුදු 200ක් පිරෙනවා මේ අවුරුද්දට යටත් විජිතයක් වෙලා. ඒ විමුක්ති අරගලයේ දී මැරුණු අපේ රණශූර ආදි මුතුන් මිත්තන්ට පින් පැමිණවීම එක අරමුණක්. ඒ වගේම අවුරුදු 70 ක් දැන් අපි නිදහස ලබලා. මේ කාලය තුල කී දාහක් මැරුණද අපේ මිනිස්සු අභ්‍යන්තර කෝලාහල නිසා. අපේ සූත්‍ර දේශනාවල තියෙනවා වෛරයෙන් ද්වේශයෙන් පටිඝයෙන්, පලි ගැනීමේ චේතනාවෙන් කව්රු හරි මැරුණොත් ඒ අය, මිනිස්සුන්ට, මේ පරිසරයට හානි පමුණවනවා කියලා. ඉතින් අපිට හිතෙනවා එහෙමදෝ මේ වෙන්නෙ කියලා දැන්. ඔය තිරෝකුඩ්ඩ ආදී සූත්‍ර වල දක්වලා තියෙනවා එහෙම වෛර චේතනා වලින් මැරුණහම ඒ අය ඔය හන්දිවල වගේ තැන්තැන් වල පලිගැනීමේ චේතනාවෙන් ඉන්නවා කියලා. ඒකනෙ බුදුහාමුදුරුවො මේ හාමුදුරුවරුන්ට ඕනි ඕනි විදිහට අතපය වත් එහෙ මෙහෙ විසි කරන්න එපා කියලා කායසංවරයේ පිහිටෙව්වෙ. මොකද සිවුරට හරි බයයි ඒ ආත්ම. හිත දියුනු කරපු අයට ඒ අයව පේනවා ඒ සද්ධ ඇහෙනවා. ඉතින් අපිට හිතෙනවා මේ රජමැදුරු වල වෙන දේවල් බලනකොට මුන්ට මේ ආත්මභාව ආරූඩ වෙලා වත්ද කියාල.

ඉතින් ඒ අනුව අපි තීරණය කලා ඒ කරපු සංඝ සාමග්‍රිය ගොඩ නගලා කරපු පිංකම නැවතත් කරලා මේ වැටුනු රටට ආධාත්මික මගපෙන්වීමක් කරන්න. මේ රටම ඉතාම දරුණු ගණයේ අධර්මවාදීන් අතට මේ බලය හසුරුවන්නන් හා ඔවුන්ට උපදෙස් දෙන්නනං අතට පත්වෙලා තියෙනවා. මේක බුද්ධ භූමියක්. එහෙම කිව්වා කියලා අනෙක් ආගමිකයන්ට හිත් රිදෙන්න ඕනි නෑ. මොකද බුදුහාමුදුරුවො තුන් වතාවක් මේ රටට වැඩම කරලා මේක බුද්ධාභිෂේකයට පත්කලා. ඒ නිසා මේ රටේ  දෙමල මුස්ලිම් හැමෝගෙම වගකීම මේ බුද්ධභෝග ටික රකින එක මිසක් බුද්ධ භෝග කොල්ලකන එක නෙවෙයි. ඒ පදනම ආරක්ෂා කරගත්තොත් හැමෝටම සහජීවනයෙන් ඉන්න පුලුවන්.

ඒත් බලන්නකො අදත් මේ නායකයො මිනිස්සු වර්ග කරනවා බෙදනවා. කව්ද මොන නායකයද ආරාධනා කරන්නෙ එන්න අපි එකතුවෙලා රට හදමු කියලා ? තමන්ගේ දේශපාලනය කරගන්න දෙමල මිනිස්සු එහෙන් පැත්තකට කරනවා මුස්ලිම් මිනිස්සු එහෙන් පැත්තකට කරනවා.

දැන් මේ දවස්වල අපි නිහඩව ඉන්නකොට මුස්ලිම් නායකයො අපෙන් අහනවා හාමුදුරුවනේ අපිට පොඩ්ඩක් ගහන්නකො. ඇයි කියලා අහපුවහම, නෑ එතකොට අපිට පුලුවන්ලු ලිස්ට් එකේ උඩට එන්න. මොන තරම් තුච්ඡ ද මේ දේශපාලන ක්‍රමය ?

ඒ නිසා අපි කල්පනා කෙරුවා තරුණ තරුණියො 60000 ක් එක්ක සිවුරු 60000 ක පූජාවක් පවත්වලා සංගායනාවට කාලයයි නමින් මේ වැඩපිලිවෙල රට තුල ක්‍රියාත්මක කරන්න දැන් සියලු කටයුතු අපි සංවිධානය කරගෙන යනවා. අපෙ මාධ්‍ය මහත්වරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ඒ සදහා අවශ්‍ය මාධ්‍ය සහයෝගය අපිට දෙන්න කියලා. මේ හරහා රට තුල විශාල ආධයාත්මකි ප්‍රබෝධයක් ඇතිවෙයි කියලා අපි හිතනවා.

මේ රට නගන්න උවමනා කරන වැඩපිලිවෙලවල් බොහෝමයක් මේ තුල සාකච්ඡා කල හැකියි. තායිලන්තය වගේ රටවල හාමුදුරුවරු තමන්ගේ පන්සල් ඉඩම් සහ රජයේ ඉඩම් වල තරුණ ලමයි විශ්වවිද්‍යාල දරුවො එක්ක එකතුවෙලා දැන් සදුන් ගස් වවනවා. කයිවාරු ගහ ගහ මේ වගේ උද්ඝෝෂණය කර කර ඉන්නෙ නෑ. ඇයි ඒවා ඒ රටේ අනාගත සංචිත.

ඉතින් අපිට මේ රටේ සියලු දේශප්‍රේමී බලවේග එකතුකරගෙන මේ රටට සෙත ප්‍රර්ථනා කරලා ඒ වගේම රටේ නායකයන්ගේ සාමග්‍රිය ප්‍රාර්ථනා කරලා මේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරනවා. අපි දැන් සංවිධානයක් හැටියට විනයවත් වෙලා අපි බොහෝ අත්දැකීම් ලබලා පන්නරය ලබලා කව්රුවත් විවේචනය කරන්නෙත් නෑ දැන් ගහගන්න යන්නෙත් නෑ. අපේ එකම අරමුණ මේ නායකයො සමගියට පත්වීම. නායකයො බොහොම දුලබයි. අපිට පේනවා දේශපාලන කලිකලහ ඇතුලෙ සිංහල සිංහල නායකයොම ගහ ගන්නවා. මරා ගන්නවා. උන් මුන්ට හොරා කියනාව උන් මුන්ට හොරා කියනවා. අවසානයේ බලන කොට මුන් ඔක්කොම හොරු වෙලා තියෙනවා. පාලමක් දකින කොට පාරක්, ගොඩනැගිල්ලක් දකින කොට හිතෙන්නෙ මුන් මේකෙන් කීයක් ගහලා ඇද්ද කියලා. එතනට මිනිස්සුන්ගෙ අවධානය යොමුකරලා තියෙනාව කොච්චර කැතයිද ඒක.

රටේ හැමතැනකම හොරකම වංචාව දූෂණය එකාට එකා නැති කමින් මිනිස්සු මිනිස්සුම පෙලන මහා මුග්ධ තත්වයකට මේ රට වැටිලි තියනෙවා. අපිට හිතා ගන්න බෑ මේ තරම් බණ අහන රටක ඇයි මෙහෙම වෙන්නෙ කියලා. අපි මේ රටේ හාමුදුරුවරුන්ටත් ආරාධනා කරන්නෙ බණ කලාවෙ ඉදලා වෙනසක් කරන්න, මේ වැඩපිලිවෙලත් එක්ක. මෙ රටට අවශ්‍ය නෙගෙටිව් බණ නෙවෙයි, පොසිටිව් බණ. නිවන තමයි අපේ එකම අරමුණ කුසට අහරක් පිරිසිදු වාත්‍රශ්‍රයක් තියෙන්න ඕනිනෙ බණක් භාවනාවක් කරන්නත්. බඩට බත්නැති ජාතියකට බණ කියලා වැඩක් නෑ. ප්‍රශ්නාවලියක් එක්ක ඉන්න පිරිසකට බණ කියලා වැඩක් නෑ. ඒ මිනිස්සුන්ට ඕනි ප්‍රශ්න වලින් ගොඩ එන්න. අර සංස්කෘතික ස්ලෝකයක් තියෙනවා ‘නිර්දනශ්චන ගෝෂිතං’ කියලා නිර්ධනයන් එක්ක මේ සාකච්ඡා කරලා කරුණු කියලා වැඩක් නෑ. ඒ අයට ඕනි කන්න.

ඒ නිසා මේ රටේ සාතිශය බහුතරයක් කිසිදු බේදයකින් නැතුව එකතුවෙමු. සිංහල දෙමල කියලා බඩගිනි වෙනම නෑනේ. ඒ නිසා මේ රටේ නායකයන්ට සමගියට පත්වෙන්න, වැටෙන රට නගන්න. අවසාන වශයෙන් මුලු මහත් සමාජයම සමාධියකට පත්කරන්න අරමුණින් තමයි මේ වැඩපිලිවෙල අපි සිද්ධ කරන්නෙ.

රටතුල ගොඩනගන මේ අධ්‍යාත්මික වැඩපිලිවෙලට උපකාර වන්න හැමදෙනාටම අපි ආරාධනා කරනවා.

 

මෙම පුවත හිරු TV වාර්තා කර තිබූ අයුරු

 

මෙම පුවත ජාතික රූපවාහිනිය වාර්තා කර තිබූ අයුරු….

 

]]>
http://www.bodubalasena.org/?feed=rss2&p=1653 0
සංඝානුභාවේන – සංගායනාවට කාලයයි – ජාතියේ චීවර පූජාව – ශාසනාභිවෘද්ධිය උදෙසාවූ සම්මා වායාමය http://www.bodubalasena.org/?p=1643 http://www.bodubalasena.org/?p=1643#respond Mon, 22 Jan 2018 11:25:22 +0000 http://www.bodubalasena.org/?p=1643 යුගයේ අසිරිමත්ම පින්කම ලෙස සැට දහසක් සිවුරු පූජාකොට, ආධ්‍යාත්මික ප්‍රවේශයක් ඔස්සේ උප නූපන් දරු පරපුර වෙනුවෙන් යුතුකම් මෙහෙවර සම්පූර්ණ කිරිමට බොදු බල සේනා සංවිධානය විසින් සංවිධානය කෙරෙනු ලබන සංඝානුභාවේන මහා පින්කම සඳහා,

1. ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක, අති ගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඥ්ඥානන්ද ඥාණරතන මහා නායක ස්වාමීන් වහන්සේ,

2. ශ්‍රී ලංකා අමරපුර සංඝසභාවේ උත්තරීතර මහනායක අති ගෞරවාර්හකොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් වහන්සේ,

3. ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ මහනායක අති ගෞරවාර්හ නාපාන ප්‍රේමසිරි මහනායක හිමිපාණන් වහන්සේ,

4. ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අස්‌ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ,

5. අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අස්ගිරිය ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහලේ විදුහල්පති ආචාර්ය ගොඩගම ශ්‍රී මංගල හිමිපාණන් වහන්සේ,

6. ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අස්‌ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරි මහා විහාර පිරිවෙනේ පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ,

ආරාධනා කිරීම (19) සිකුරාදා දින මහනුවරදී සිදුවිය. මේසඳහා බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බල සේනා නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා පිරිසක් සහ ගිහි පිරිසක් සහභාගී විය. (චායාරූප අමුණා ඇත.)

සංඝානුභාවේන
සංගායනාවට කාලයයි
ජාතියේ චීවර පූජාව
ශාසනාභිවෘද්ධිය උදෙසාවූ සම්මා වායාමය

2018 මැයි මස 19 වැනි ශනි  දින අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේ.

මාතෘ භූමියේ අදීනත්වය හා භෞමික අඛණ්ඩතාවය පිණිස වසර දහස් ගණනක් තිස්සේ අපේ වීරෝධාර රණවිරුවන් තම ප්‍රාණය පූජා කළේ ස්ව අභිමානය සහ මතු පරපුර කෙරෙහි අපරිමිත ආදර දයාවෙනි.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථරිතිය පිණිසත් අතීත, වර්තමාන, අනාගත කාලත්‍රයට අදාළ අපේ දූ පුතුන්ගේ නිවන උදෙසා ඔවූහු තම නිවන පරිත්‍යාග කළෝය. එය බෝධිසත්වයෙකු විසින් තම ජනයා සුරැකීම පිණිස සිදු කරන අපරිමිත පරිත්‍යාගයකි. පාරමිතාවකි.

රටට, දැයට, සමයට විපත් පැමිණෙන හැම විටෙකම අපේ පෙර රජ දරුවන් භික්ෂූන් වහන්සේලා සාමග්‍රියෙහි පිහිටුවා, ඒ ශක්තිමත් ආධ්‍යාත්මික පදනම මත සිට දැයත් සසුනත් ඉහළට ඔසවා තැබීය.
ඒ පූර්වාදර්ශය අනුව යමින් අප යුගයේ අසිරිමත්ම පින්කම ලෙස සැට දහසක් සිවුරු පූජාකොට, ආධ්‍යාත්මික ප්‍රවේශයක් ඔස්සේ උප නූපන් දරු පරපුර වෙනුවෙන් යුතුකම් මෙහෙවර සම්පූර්ණ කිරිමට මේ මහා පින්කම සංවිධානය කෙරේ.

මහ සිලු  මහතිස්       නිරිදා
සඟ සැට දහසකට        එදා
සැට දහසක් සිවුරු        පුදා
කළ පින්කම සිතනු   සොදා

තරුණ තරුණයන් 60000 ක් සහභාගිවේ. එක් අයෙකුට එක් සිවුරක්.

තිස් වසක් අප භීතියට පත්කළ ම්ලෙච්ඡ ත්‍රස්තවාදය හා බෙදුම්වාදය පරදවා සෑම ජන කොටසකටම නිදහස සාමය උදාකරමින් ජීවිත පූජා කළ රණවිරුවන්ට පින්දීම.

රටේ නිදහස, අභිමානය පිණිස දිවි දී රට ආරක්ෂා කළ, වැව් අමුණු කරවූ දේශය ශිෂ්ඨාචාරවත් කළ,  මහ දාගැබ් තනවා ජාතියේ අභිමානය රැන්දූ පෙර රජවරු සහ ඇමතිවරු, රණශූර මී මුතුන්ට පින් දීමත්.

වසර 498 ක කාලය තුළ ජාතික විමුක්ති අරගලයට පණ පොවා එහිදී මියගිය සැමට පින් දීමත්.

වසර 70 ක කාලය තුළ අභ්‍යන්තර කැරලි කෝලාහල නිසා ජීවිත අහිමිවූ සිංහල, දමිළ, මැලේ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සැමටත්, ස්වභාවික විපත් හා හදිසි අනතුරුවලින් මියගිය සැමට පින් දීමත්.

ස්වභාවික විපත්, සතුරු පීඩා, සතුරු ආක්‍රමණ නිසා කිසිදු විපත්තියක් සිදු නොවේවා කියා  ප්‍රාර්ථනා කිරීමත්.

දේශයේ ඒකීයත්වය ආරක්ෂා කිරීම උදෙසා ජාති භේද රහිතව සියලු ජන කොටස් මතවාදීව  පෙළ ගස්වමින් සිංහල භික්ෂු වංශය නගා සිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙළ “සංගායනාවට කාලයයි” නමින් ඉදිරිපත් කිරීම.

]]>
http://www.bodubalasena.org/?feed=rss2&p=1643 0
එන්.ජී.ඕ. 2 ක්‌ වසර 26 ක්‌ පුරා මේ රටේ ගබ්සා 8,81,077 ක්‌ කරලා – ඥානසාර හිමි – 2012 නොවැම්බර් 16 දිවයින http://www.bodubalasena.org/?p=1594 http://www.bodubalasena.org/?p=1594#respond Thu, 09 Mar 2017 00:49:36 +0000 http://www.bodubalasena.org/?p=1594 එන්.ජී.ඕ. 2 ක්‌ වසර 26 ක්‌ පුරා මේ රටේ ගබ්සා 8,81,077 ක්‌ කරලා
– බොදු බල සේනා ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ කියති

(Divaina 2012 නොවැම්බර් 16)

තුෂාරී කළුබෝවිල

වසර 26 ක්‌ තුළ රාජ්‍ය නොවන ආයතන දෙකක්‌ විසින් මේ රටේ නීති විරෝධී ගබ්සා කිරීම් 8,81,077 ක්‌ (අට ලක්‍ෂ අසූඑක්‌ දහස්‌ හැත්තෑ හතක්‌) සිදුකර ඇතැයි බොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

එයින් ගබ්සා කිරීම් 8,77,963 ක්‌ම සිදුකර ඇත්තේ විවිධ උපකරණ භාවිතයෙන් බව සහ සෙසු ගබ්සා කිරීම් සඳහා විවිධ පෙති හා කරල් භාවිත කර ඇති බව තහවුරු වී ඇතැයි උන්වහන්සේ පැවැසූහ. එසේම අදාළ රාජ්‍ය නොවන ආයතන දෙක වසර 25 කට වැඩි කාලයක්‌ තිස්‌සේ වඳ සැත්කම් සිදුකරමින් මේ රටේ සිංහල ජාතිය සහමුලින්ම නැතිකර දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කරගෙන යන බවත්, මෙයට දෙමළ ප්‍රජාවද ගොදුරුවී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

රජයේ රෝහල්වල ඇතැම් වෛද්‍යවරුන් මාර්ගයෙන් ග්‍රාමීය සෞඛ්‍ය සේවා මධ්‍යස්‌ථානවල සිටින ඇතැම් වින්නඹු කාන්තාවන් (පවුල් සෞඛ්‍ය සේවිකාවන්) යොදා ගනිමින් ගම්වල වෙසෙන සිංහල හා දෙමළ කාන්තාවන් වඳ සැත්කමට භාජන කරවීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක්‌ එම රාජ්‍ය නොවන ආයතන දෙක මගින් ක්‍රියාත්මක කෙරෙන බව පැවසූ ඤාණසාර හිමියෝ, අවස්‌ථා කිහිපයකදීම බොදු බල සේනා මැදිහත්වීමෙන් එය වළක්‌වාගත් බවද පැවසූහ.

මෙම ආයතන දෙක සතු මිලියන 800 කට වැඩි වටිනා සම්පත් රාජසන්තක කර, එම ආයතන වසා දමා එහි සිටින කුමන්ත්‍රණකාරී පිරිස වහාම රටින් පිටුවහල් කරන ලෙස බොදු බල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටින බවද ඤාණසාර හිමියෝ කීහ.

ඒ සඳහා නීති ශක්‌තිමත් නොමැති නම් නව නීති සකස්‌ කර සිංහල බෞද්ධයන් රැකගැනීමට රජය ක්‍රියාකළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.

ලෝකයේ කිසිම රටක අපේ රටේ මෙන් පිටි කිරි භාවිත නොකරන බවත්, පිටි කිරි දරුවන්ට ලබාදීම ඉතාම හානිකර බවත් මෙම අවස්‌ථාවට සහභාගි වූ බොදුබල සේනා ප්‍රධානී කිරම විමලජෝති හිමියෝ සඳහන් කළහ.

පිටිකිරි භාවිතය මුළුමනින්ම අත්හැර දමා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දියර කිරි භාවිතයට යොමුවන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

කෘත්‍රිම ආහාර සහ ක්‍ෂණික ආහාර භාවිතය මුළුමනින්ම අත්හළ යුතු බව පැවසූ උන්වහන්සේ දේශීය ආහාර නිෂ්පාදනයට හා භාවිතයට යොමු විය යුතු බවද අවධාරණය කළහ.

http://www.divaina.com/2012/11/16/news05.html

]]>
http://www.bodubalasena.org/?feed=rss2&p=1594 0
රට වනසන ව්‍යවස්ථා මර උගුලට එරෙහි බොදු මහා සමුළුව ජනවාරි 07 සවස 02ට නුගේගොඩදී http://www.bodubalasena.org/?p=1534 http://www.bodubalasena.org/?p=1534#respond Thu, 29 Dec 2016 06:11:58 +0000 http://www.bodubalasena.org/?p=1534

මෙම බැනරය 8 x 5 ප්‍රමාණයෙන් ලබාගැනීම සදහා මෙතනින් බාගත කරගන්න >>> Download

රට වනසන ව්‍යවස්ථා මර උගුලට එරෙහිව ජනවාරි 07 සවස 02ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීටයේදී පැවැත්වෙන බොදු මහා සමුළුව පිලිබදව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඇත්තේ ඥානසාර හිමි දැක්වූ අදහස්.

විශේෂයෙන් අද දවස වෙද්දි රටේ දැඩි කථා බහකට ලක් වෙච්ච ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රට බෙදීමට එරෙහිව, ඒ වගේම රටේ සම්පත් කුණු කොල්ලයට විදේශ රටවලට විකුණා දැමීමට එරෙහිව අපි ඉතා ඉක්මනට වැඩසටහනක් ගොඩ නැගිය යුතුයි. ඉතා ඉක්මනින් අපි එකාවන්ව රොද බැඳිය යුතුයි මේ රටේ ජාතික සම්පත් විකුණා දැමීමට එරෙහිව. ඒ වගේම විජාතික බොහෝ බලවේග සහ රාජ්‍ය නොවන සංවිධානවල පමණක් නොවෙයි අසිංහල අබෞද්ධ මිත්‍යාදෘෂ්ටික බලවේග මත ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙන මේ නායකයන්ගෙන් ව්‍යවස්ථාව හරහා යම්කිසි හානිකර තත්වයක් උද්ගත වෙනව නම් එය පරාජය කිරීම සඳහා කොන්දේසි විරහිතව ඕනෑම පාර්ශවයක් එක්ක එකතුවෙලා එය පරාජය කිරීමට අනිවාර්යෙන් අපිත් එකතුවෙන බව මතක් කරන්න ඕනි.

ඒ නිසා මම ඉල්ලා හිටිනවා මූණුපොතේ අපේ දරුවන්ගෙන් ඒ වගේම හාමුදුරු වරුන්ගෙන් දැන් වෙන වෙන වෙන වෙන මාතෘකා නෙවෙයි, මේ රටේ ජාතික සම්පත් විකුණාදැමීමට එරෙහිව, ව්‍යවස්ථා සංශෝධනය හරහා රට බෙදීමට එරෙහිව අපි ඉතා ඉක්මන් සටන් පෙරමුණක් ගොඩනැගිය යුතුයි. ඒ නිසා මා ඉල්ලා හිටිනවා අපේ මූණු පොතේ දරුවන්ගෙනුත් හැමදෙනාගෙන්මත් මූණුපොත සටන්බිමක් කරගනිමු. ඉතා ඉක්මනින් මේ ව්‍යසනකාරී තත්වය හඳුනාගෙන අපි ඒවාට ප්‍රතික්‍රියා දැක්විය යුතුයි.

අනෙක් පැත්තෙන් ජනවාරි මාසේ හත්වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා සියලුම සංවිධාන වලටත් ආරාධනා කරලා ඒ හැමදෙනාගේම උදව් උපකාර සහයෝගය ඇතුව නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේදී “අත තියන්න එපා රටට” තේමාව යටතේ විශාල සමුළුවක් පවත්වලා මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා රටට වෙන හානිය, ඒ වගේම අපේ සම්පත් අනාගත දරු පරම්පරාව සතු සම්පත් විකුණා දැමීමට එරෙහිව විශාල ජනමතයක් ගොඩනගන්න අපි වැඩපිලිවෙලක් දියත් කරලා තියෙනවා.

ඉතින් හත්වෙනිදා පැවැත්වෙන මේ සමුළුව සඳහා ඔබ හැමකෙනෙක්ම සහභාගී වෙන්න කියලා මේ වෙලාවේදී ඉල්ලා හිටිනවා. ඒ වෙනුවෙන් අපේ හාමුදුරුවරු අප්‍රමාදීව කැපෙනවා. ඒ සංවිධානත් එක්ක එකතුවෙලා මේ කටයුත්තට උරදෙන්න, කැපවෙන්න, සහභාගී වෙන්න. අපි මේ සටනත් ජයග්‍රහණයෙන් කෙලවර කරමු කියන පණිවිඩය මතක් කරමින් හැමදෙනාටම හත්වෙනිදා සමුළුවට සහභාගී වෙන්න කියලා ඉතාම ආදරයෙන් හා ජාතිවාත්සල්‍යයයෙන් ඉල්ලා හිටිනවා.

බොදු බල සේනා මාධ්‍ය අංශය – 0766880030

]]>
http://www.bodubalasena.org/?feed=rss2&p=1534 0