Home සිංහල මාධ්‍ය නිවේදන පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදය පිලිබඳ සොයා බැලිම පිලිබඳ සොයා බලන පාර්ලිමේන්තුවේ කමිටුව...

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදය පිලිබඳ සොයා බැලිම පිලිබඳ සොයා බලන පාර්ලිමේන්තුවේ කමිටුව වෙත තොරතුරු ලබා දීම

2196
0

———- Forwarded message ———
From: Dilanthe Withanage [email protected]
Date: Tue, 25 Jun 2019, 07:24
Subject: Re: පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදය පිලිබඳ සොයා බැලිම පිලිබඳ සොයා බලන පාර්ලිමේන්තුවේ කමිටුව වෙත තොරතුරු ලබා දීම
To: [email protected], [email protected]

කරු ජයසූරිය මහතා
ගරු කථානායකතුමා
පාර්ලිමේන්තුව,

ගරු කථානායකතුමනි
පාර්ලිමේන්තුව,..

උක්ත කරුණ සම්බන්ධව 2019 ජූනි මස 12 වනදා ඔබ වෙත හා පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙත එවන ලද ලිපි හා බැදේ.

මෙම විෂය පිලිබඳව අප විසින් පසුගිය වසර 7 තුල කරන ලද ප්‍රකාශ හා ලිපි නිසා මේ පිලිබදව අදාල් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි දීමට අපව කැදවිය යුතු බව අපගේ මතයයි.

ජමෙයිතුල් උලමා සභාවේ නායක රිස්වි මුෆ්ති විසින් අප සංවිධානයේ නම භාවිත කරමින් මෙම කමිටුවේදී කමිටුව පමණක් නොව සමස්ථ සමාජයම නොමග යවන ප්‍රකාශ කිරීම නිසා මෙම අවශ්‍යතාව ඔබලාට පැහැදිලිවනු ඇති බව අපගේ විශ්වාසයයි .

මෙම ලිපිවල පිටපතක් මෙම කමිටුවේ සාමාජිකයින් වෙත ලබා දෙන්නේ නම් මැනවි.

ස්තුතියි.

තෙරුවන් සරණයි

මෙයට හිතවත්

දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිළධාරි – බොදු බල සේනා
ප්‍රධාන ලේකම් – බොදු ජන පෙරමුණ


On Wed, 12 Jun 2019, 10:38 Dilanthe Withanage, [email protected] wrote:
කරු ජයසූරිය මහතා
ගරු කථානායකතුමා
පාර්ලිමේන්තුව,

ගරු කථානායකතුමනි
පාර්ලිමේන්තුව,..

උක්‍ත කරුණ සම්බන්ධව වැදගත් විය හැකි තොරතුරු අප සතුව ඇති බැවින් හා ඒ පිළිබඳව 2012 සිට අප විසින් අනතුරු හගවා ඇති බැවින් මෙම කමිටුව ඉදිරියේ සාක්ෂි දීමට
1) බොදු බල සේනා ප්‍රධාන ලේකම් හා බොදු ජන පෙරමුණේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි
හා
2) බොදු බල සේනා ප්‍රධාන විධායක නිළධාරි හා බොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් වන දිලන්ත විතානගේ
යන අයට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.

මෙහිදී මේ පිලිබඳව අප විසින් කරනු ලැබූ
1) ප්‍රසිද්ධ ප්‍රකාශ හා ආශ්‍රිත වීඩියෝ ( උදාහරණයක් ලෙස මෙවැනි තත්වයක් ඇතිවිය හැකි බව 2014 දී කල ප්‍රකාශය –https://www.youtube.com/watch?v=W4EW8Jzxb_Q&feature=youtu.be )

2) හිටපු ජනාධිපතිවරයා වරයා දැනුවත් කිරීම
3) වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුවත් කිරීම
4) පොලිස්පතිවරයා දැනුවත් කිරීම ආදී වූ ලිපි ලේඛන සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු.

මේ කරුණු ඉදිරියේදී මෙවැනි අවාසනාවන්ත අපේ අවස්ථා ඇති නොවීමට අතිශය වැදගත් වන බව රටවැසියන් ලෙස අපගේ විශ්වාසයයි.

මෙයට හිතවත්

දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිළධාරි – බොදු බල සේනා
ප්‍රධාන ලේකම් – බොදු ජන පෙරමුණ