Home සිංහල මාධ්‍ය නිවේදන ඥානසාර හිමියන්ගේ මැදිහත්වීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වෛරස් ප්‍රභේද හඳුනාගැනීමේ යන්ත්‍රයක් සඳහා ලක්ෂ 70...

ඥානසාර හිමියන්ගේ මැදිහත්වීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වෛරස් ප්‍රභේද හඳුනාගැනීමේ යන්ත්‍රයක් සඳහා ලක්ෂ 70 ක පරිත්‍යාගයක්

1206
0

කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රබේදය රටපුරා පැතිර යාමත් සමගම එම ප්‍රභේදය ඇතුළු නව වෛරස් ප්‍රභේද හඳුනාගත හැකි යන්ත්‍රයක අවශ්‍යතාවය මහනුවර ප්‍රදේශයට ඉතා තදින්ම දැනිණි.

බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විසින් මේ බව බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව දැනුවත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ ඉල්ලීමකට අනුව ඇමරිකාවේ ජීවත්වෙන වෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතා විසින් ලක්ෂ 70 කට වඩා වටිනා මෙම යන්ත්‍රය ලබා ගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මුදල් පරිත්‍යාග කරන ලදි.

මෙම අවස්ථාවේදී ආණ්ඩුව කරන තුරුම නොසිට තමන්ට කල හැකි දේ සිදුකිරීමට ඉදිරිපත් වන ලෙසත් මෙම වසංගතයෙන් රටක් වශයෙන් ගොඩ ඒමට සියලු දෙනා එකමුතුව වැඩ කරන ලෙසත් මේ පිළිබඳව අප සිදුකල විමසීමකදී ඥානසාර හිමියෝ අවධාරණය කරන ලදි.